28.4 C
Colombo
Sunday, July 6, 2025

වන අලින්ට වනජීවී රෝහලක් සහ ජංගම වෛද්‍ය ඒකකයක්

Published:

වනඅලින්ට සිදු වන වෙඩි වැදීම් ඉහළ ගොස් ඇති බැවින් රෝගී තත්ත්වයන්ට පත්වන අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී රෝහලක් සහ ජංගම වෛද්‍ය ඒකකයක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසනවා.

පොළොන්නරුව වනජීවී කලාපයේ වෙඩි වැදී රෝගී තත්ත්වයේ පසුවන හස්ථියා නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදීයී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

දකුණු පාදයට වෙඩි වැදීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ මෙම හස්ථියා සඳහා ප්‍රතිකාර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ඇතාට අවශ්‍ය ආහාර පාන ලබා දීම හා අනෙකුත් පහසුකම් කලුන්දෑව වනජීවී ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරනවා.

ඒ අනුව අද දිනයේ දී පෙර පැවති තත්ත්වයට වඩා හස්තියාට තම ඉදිරි පාදය තබමින් යම් සුළු චලනයක් සිදු කිරීමට හැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

හස්ථියාගේ ප්‍රතිකාර කටයුතු කඩිනම් කිරීම සඳහා සියලු පහසුකම් සලසන ලෙසත් ස්කෑන් පරීක්ෂණ, රුධිර සාම්පල් පරීක්ෂණ කඩිනම් කරන ලෙසත් පරිසර අමාත්‍යවරයා මෙහිදී වනජීවී දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,212FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img