එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි 15 වෙනිදා “ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය” ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඊට සමගාමීව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මගින් වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් “සරණ” නමින් උපකාරක සේවාවක් ආරම්භ කරයි.
දරුවන් විසින් නොසලකා හරින සරණක් අවැසි වැඩිහිටියන් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය වට්ස්ඇප් අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, 070 789 88 89 යන වට්ස්ඇප් අංකයට මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකියි.
මෙම අවස්ථාව සංකේත්වත් කරමින් ඊයේ (16) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා හා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ පරිශ්‍රයේදී නිල වශයෙන් වට්ස් ඇප් අංකය ජනගත කිරීම සිදු කෙරුණා.