ප්‍රමිතියෙන් තොර වානේ දඟර කම්බි නිෂ්පාදනය කළ කර්මාන්තශාලාවක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
කහතුඩුව ප්‍රදේශයේ ආයතනයක් විසින් රාත්‍රි කාලයේදී නිපදවන මෙම වානේ කම්බි පසුව මීගමුව ප්‍රදේශයේ ගබඩාවකට ප්‍රවාහනය කරන බව නිලධාරීන් විසින් මෙහිදී අනාවරණය කරගෙන තිබෙනවා.
ඒ අනුව විමර්ශන නිලධාරීන් විසින් අදාල නිෂ්පාදන ආයතනයෙන් රාත්‍රී කාලයෙහි භාණ්ඩ ප්‍රවාහනය කරනු ලැබූ ලොරි රථයක් හඹා යමින් අදාළ ගබඩාව වැටලීමට පසුගිය 06 වන දින කටයුතු කර තිබුණා.
දළ වශයෙන් ටොන් 400 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති වානේ තොගයක් එම ස්ථානයෙහි ගබඩාකර තිබූ බවට පසුව අනාවරණය කරගත් අතර අදාළ තොගයේ වෙළදපොල වටිනාකම රුපියල් මිලියන 100 කට වැඩි බවද දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව අදාල වැටලීම සම්බන්ධව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තාකර ඇති අතර ඉදිරි විමර්ශන කටයුතුවලින් පසු නඩු පැවරීමට නියමිත බව ද එම අධිකාරිය පැවසුවා.