25 C
Colombo
Thursday, January 15, 2026

ඇල්ලේ ගින්නකින් ඉදිකරමින් පැවති සංචාරක නිකේතනයක් විනාශ වෙයි

Published:

ඇල්ල කන්දෙකුඹුර ප්‍රදේශයේ කැලෑව ආශ්‍රිතව හටගත් ගින්නකින් ඉදිකරමින් පැවති සංචාරක නිකේතනයක් මුළුමනින්ම විනාශ වී ඇති බව ඇල්ල පොලීසිය පවසනවා.

පවතින වියළි කාලගුණික තත්ත්වයන් සහ තද සුළං හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් ව්‍යාප්ත වී ඇති අතර, ඒ හේතුවෙන් මෙම සංචාරක නිකේතනය ගිනිදැල්වලට හසුව විනාශයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදු ව නැහැ.

බණ්ඩාරවෙල ගිනි නිවීමේ ඒකකය, පොලීසිය සහ වන සංරක්ෂණ නිලධාරීන් එක්ව ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,002FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img