වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (27) සිදුකිරීමට නියමිතව තිබූණා.
නමුත් එයට පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ඒ හේතුවෙන් වැලිගම ප්‍රදේශීය සභාව තුළ ඉතා උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බවයි වාර්තා වෙන්නේ.
මේ වන විට සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති අතර මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී ඇති බවයි පැවසෙන්නේ.