ඊයේ (11) රාත්‍රියේ වව්නියාව කූමාංකුලම් මත්පැන්හළක් ආසන්නයේදී සිදුවූ අනතුරකින් පසු ප්‍රදේශවාසීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
වව්නියාව කූමාංකුලම් මත්පැන්හළක් ආසන්නයේදී රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් ලුහුබැඳ ගොස් නතර කිරීමට උත්සාහ කර තිබෙනවා.
එහිදී පලාගිය යතුරුපැදිය පෙරළීමෙන් එහි ගමන්ගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධියත් සමග ප්‍රදේශවාසීන් නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබෙන අතර පොලීසිය සමග උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කූමාංකුලම් ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක්.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම මරණය අනතුරක් නොව ඝාතනයක් බැවින් අදාළ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගත යුතු බවයි.