28.4 C
Colombo
Monday, July 7, 2025

නවක වදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බලකායක්

Published:

මෙරට විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය, හිංසනය සහ ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා ජාතික කාර්ය සාධක බලකායක් පත් කර තිබෙනවා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, හරිනි අමරසූරියගේ උපදෙස් මත, එම අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව විසින් මෙම පත්කිරීම සිදුකර ඇත්තේ 2025 මැයි 14 වැනි දින පැවති සාකච්ඡාවකදී ගත් තීරණවලට අනුවයි.

එහිදී මෙම කාර්ය සාධක බලකාය නවක වදය පමණක් නොව, සිසුන් අතර, ආයතන පරිපාලනයෙන් හෝ වෙනත් පාර්ශ්වයන්ගෙන් සිසුන්ට සිදුවන සියලු ආකාරයේ හිංසනයන් මෙන්ම, එම පාර්ශ්වවලින් ආචාර්යවරුන්ට සහ අනධ්‍යයන සේවකයින්ට සිදුවන හිංසනයන් ද නැවැත්වීමට කටයුතු කරනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙන්නේ.

ඒ අනුව, මෙම කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ලෙස පහත සඳහන් නියෝජිතයින් පත්කර තිබෙනවා.

  1. මහාචාර්ය කේ.එල්.වසන්ත – උප සභාපති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
  2. මහාචාර්ය ප්‍රභා මනුරත්න- අධ්‍යක්ෂ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය හා සාධාරණත්වය සදහා වන මධ්‍යස්ථානය,(CGEE) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
  3. මහාචාර්ය හේමමාලි ගුණතිලක -සාමාජික, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
  4. මහාචාර්ය විජය ජයතිලක – CGEE ආයතනයේ හිටපු සාමාජික
  5. ආචාර්ය සයුරි පෙරේරා – මනෝ චිකිත්සක අධ්‍යනාංශය,වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
  6. ශානිකා මලල්ගොඩ – ජාතික ළමාරක්ෂක අධිකාරිය
  7. අප්සරා කල්දේරා – අතිරේක ලේකම්,අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය
  8. ගුණදාස සමරසේකර – අතිරේක ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන අංශය
  9. ආචාර්ය චින්තක පෙරේරා – අධ්‍යක්ෂ,බටංගල විශ්වවිද්‍යාල විද්‍යායතනය
  10. ඒ.ජී.ඒ.ජාලිත කුමාර – අධ්‍යක්ෂ,ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය-කොළඹ 15
  11. ජේ.පී.විජයතිලක ජයසිංහ – කොළඹ විශ්වවිද්‍යාලය, විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක නියෝජනය
  12. ඩබ්.ඒ.ඒ.වේරහැර – පේරාදෙණිය විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල විනයාරක්ෂක අංශ නියෝජනය
  13. කවිදු බිම්සර – ලේකම්, මහා ශිෂ්‍ය සංගමය, කොළඹ විශ්වවිද්‍යාලය. නීති පීඨ ශිෂ්‍ය.
  14. සජිනි වත්සලා – ලේක්ම්, මහා ශිෂ්‍ය සංගමය, මොරටුව විශ්වවිද්‍යාලය. නීති විද්‍යාල ශිෂ්‍ය.
  15. පොලිස්පතිවරයා විසින් නම් කරන ලද නියෝජිතයකු
  16. නීතිපතිවරයා විසින් නම් කරන ලද නියෝජිතයකු

මෙම කාර්ය සාධක බලකායේ අරමුණු සහ කාර්යයන් ලෙස,

මෙරට උසස් අධ්‍යාපන ආයතන තුළ ප්‍රචණ්ඩත්වයෙන් තොර පරිසරයක් සහ සංස්කෘතියක් ගොඩනැගීම.

ඊට අදාළ ප්‍රතිපත්තිමය යෝජනා සකස් කිරීම සහ අවශ්‍ය නීතිමය රාමු යාවත්කාලීන කිරීමට යෝජනා ඉදිරිපත් කිරීම.

හිංසනය සහ ප්‍රචණ්ඩත්වය නැවැත්වීම සඳහා යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම.

සිදුවීම් වාර්තා කිරීමට සහ ඒවාට ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට ක්‍රමවේද සැකසීම.

මෙම අරමුණු වෙනුවෙන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන හා පුද්ගලයන් සම්බන්ධ කර ගැනීම.

වින්දිතයින්ගේ ආරක්ෂාව සහ ගෞරවය සුරැකීමට ක්‍රියාමාර්ග ගැනීම.

වින්දිතයින්ට සිදුවූ මානසික බලපෑම් සැලකිල්ලට ගනිමින් ඔවුන් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු වෙත යොමු කිරීම.

මීට අමතරව, සිදුවීම්වලට ප්‍රතිචාර දැක්වීමට පමණක් සීමා නොවී, හිංසනයෙන් තොර පරිසරයක් උසස් අධ්‍යාපන ආයතන තුළ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන් ජාතික වැඩපිළිවෙලකට අනුව සංවිධානය කිරීමට ද මෙම කාර්ය සාධක බලකාය අවධානය යොමු කරනු ඇති බවයි එම නිවේදනයේ සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img