31.7 C
Colombo
Sunday, July 6, 2025

පරාටේ නීතිය නැවත සක්‍රිය වීම ගැන විපක්ෂ නායකගෙන් විශේෂ ප්‍රකාශයක්

Published:

අද (30) සිට පරාටේ නීතිය නැවත සක්‍රීය වීම නිසා නිසා අසරණ වන ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (30) විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ජුනි 30 වැනිදා මැදියම් රැයෙන් පසුව පරාටේ නීතිය ක්‍රියාත්මක වී ව්‍යවසායකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ දේපල වෙන්දේසිය ඉතා වේගයෙන් ක්‍රියාත්මක කිරිමට අනුමැතිය හිමිවන බවත් මේ තුළින් අප රටේ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් රැසකගේ දේපල වෙන්දේසි වීමට නියමිත බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

අප රටේ දළ දේශිය නිෂ්පාදනයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙමින් 40 ලක්ෂයකට වැඩි ප්‍රමාණයකට රැකියා ලබා දෙන්නේ මේ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් බවත් මේ පරාටේ නීතිය නැවත වරක් ක්‍රියාත්මක කර ව්‍යවසායකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ දේපල හා සම්පත් පරාටේ නීතිය හරහා වෙන්දේසිවන විට මේ ක්ෂේත්‍රයෙන් දළ දේශීය නිෂ්පාදනයට වෙන දායකත්වය අඩු වෙන බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සිතිය යුතු බවත් එය සෘජුවම ආර්ථික වර්ධනයට බලපාන බවත් ඔහු සඳහන් කළා.

ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන්ගේ දේපල වෙන්දේසිය හරහා ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැටී එය දළ දේශීය නිෂ්පාදනයට බලපානව සේම විරැකියාව වර්ධනය වී අපනයන ප්‍රවර්ධනය වීමට වඩා අපනයන අඩු වීම සිදුවන බවත් පසුගිය රජය මෙන්ම වත්මන් රජය යන ආණ්ඩු දෙකම කළේ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් මුලා කර රැවටීම බවත් මොවුන් මැතිවරණ ඉලක්ක කර ගෙන පරාටේ නීතිය තාවකාලිකව අවසන් කළත් දැන් ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් වෙනුවෙන් කිසිවක් නොකරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.

ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් ඉල්ලා සිටියේ පරාටේ නිතිය තාවකාලිකව අත්හිටුවනවා සේම ණය හා පොලී කපා හැරිමක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අපේක්ෂා කළ බවත් පාස්කු ප්‍රහාරය කොරෝනා කෝවිඩ් හා බංකොලොත්භාවය නිසා මොවුන් අසරණ වූ බවත් එම නිසා මොවුන්ට සහයෝගය ලබා දීම රජයේ වගකීම බවත් මොවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරිම මෙන්ම බොල් ණය කපා හැරිම, පොලියෙන් කොටසක් කපා හැරීම ආදිය සිදු කර මොවුන්ට නැවත ගොඩ ඒමට කාරක ප්‍රාග්ධනයක් ලබා දිය යුතු බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img