කොලොම්බියානු සෙනෙට් සභිකයෙකු වූ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේට, බොගොටා හී පැවැති උත්සවයකදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
බොගෝටා හී පොදු උද්‍යානයක ප්‍රචාරක උත්සවයක් අතරතුර මිගෙල් උරිබේට වෙඩි තබා ඇති අතර සිද්ධිය සම්බන්ධව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්.
ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති උරිබේගේ තත්ත්වය පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළිව නැහැ.
2026දී ජනාධිපති ධුරය සඳහා තරග කරන 39 හැවිරිදි මිගෙල් උරිබේ හිටපු කොලොම්බියානු ජනාධිපති අල්වාරෝ උරිබේ විසින් ආරම්භ කරන ලද විපක්ෂ කොන්සර්වේටිව් ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථාන පක්ෂයේ සාමාජිකයෙක්.
උරිබේ කොලොම්බියාවේ ප්‍රමුඛ පවුලකින් පැවත එන අයෙකු වන අතර ඔහුගේ පියා ව්‍යාපාරිකයෙකු සහ වෘත්තීය සමිති නායකයෙකුද වනවා.
ඔහුගේ මව වන මාධ්‍යවේදිනියක් වූ ඩයනා ටර්බේ 1990 වසරේදී අභාවප්‍රාප්ත කාටෙල් නායක පැබ්ලෝ එස්කොබාර්ගේ අණ යටතේ සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහර ගන්නා ලද අතර ගලවා ගැනීමේ මෙහෙයුමකදී ඇය ජීවිතක්ෂයට පත්වුණා.
like