31.7 C
Colombo
Sunday, July 6, 2025

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නිවසක සේවිකාවක් අත්අඩංගුවට

Published:

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසක සේවය කළ සේවිකාවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (11) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ සෞඛ්‍යය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබාදී, රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම පිලිබඳව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධව මේ වන විට කොමිශන් සභාව විසින් සිදුකරගෙන යන විමර්ශනයට අදාළවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img