28.4 C
Colombo
Saturday, July 12, 2025

හම්බන්තොට කුරුලු උයනේ ගබඩාවකින් සුපිරි යතුරු පැදි තොගයක් හමුවෙයි

Published:

හම්බන්තොට – නාගරවැව කුරුලු උයනේ ආහාර ගබඩාවේ සගවා තිබියදී, නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරු පැදි 21 ක් හමුවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එම කුරුලු උයනේ කළමණාකරු සහ ගබඩා පාලකවරයා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 40 සහ 50 වයස්වල පසුවන ඔවුන් මාතර සහ මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට ලද විශේෂ තොරතුරක් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් අද පෙරවරුවේ මෙම වැටලීම සිදුකර තිබුණා.

යතුරු පැදි තොගයේ වටිනාකම රුපියල් කෝටි එකහමාරකට අධික බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ,

මෙහිදී කුරුලු උයන පරිශ්‍රයේ නිීති විරෝධීව වගාකර තිබූ ගංජා පැල 04 ක් ද සොයාගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,238FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img