ඉතිහාසයේ පළමුවරට ලෝක වෙළෙඳපොළේ රන් මිල අමෙරිකානු ඩොලර් 4,800 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 4,843ක් ලෙස සටහන් ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබෙනවා.
කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි නිකුත්කළ නවතම දත්ත අනුව අද උදෑසන රත්‍රං මිලේ සමස්ත වැඩිවීම රුපියල් 10,000ක් බව සඳහන්.
ඒ අනුව අද දිනයේ “කැරට් 22” රන් පවුමක මිල රු. 351,500 ක් ලෙස දැක්වුණා.
මේ අතර ඊයේ දිනයේ දී රු. 370,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 380,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසනවා.



