ආණ්ඩුවට එරෙහිව පුළුල් විපක්ෂයක් ගොඩනැංවීම පිළිබඳව තවත් තීරණාත්මක සාකච්ඡාවක් හෙට (14) දින කොළඹදී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.
ආණ්ඩුවට එරෙහිව පුළුල් බලවේගයක් සහ ඒකාබද්ධව පොදු විපක්ෂ වේදිකාවක් සකස් කිරීම සඳහා සිදුකරන සාකච්ඡා මාලාවේ තුන්වැනි සාකච්ඡාව හෙට පැවැත්වෙන බවත්, මේ සඳහා විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තුව තුළ සිටින සහ නොසිටින දේශපාලන පක්ෂ නායකින් රැසක් සහභාගී වීමට නියමිත බවත් විපක්ෂ ආරංචිමාර්ග පවසනවා.