30.6 C
Colombo
Monday, July 7, 2025

කටුනායක ගුවන්තොටුපොළේ විශේෂ සෝදිසියක්

Published:

කාෂ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකරෙන ත්‍රස්තවාදීන් 6 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ලද තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපොළේ අද (03) විශේෂ සෝදිසියක් සිදුකර තිබුණි.

 

මෙලෙස පරික්ෂාවට ලක්කොට ඇත්තේ චෙන්නායි සිට පැමිණි ගුවන්යානයකි.

 

පෙහෙල්ගාම් ත්‍රස්තවාදීන් සොයා ඉන්දීය රජය දැවැන්ත මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබේ.

 

පුද්ගලයින් රැසක් ඉන්දිය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනුණ ද  ප්‍රහාරයේ සැකකරුවන් තවමත් නිදැල්ලේ පසුවන බවට ඉන්දිය මාධ්‍ය ඊයේ වාර්තා කළේය.

 

මෙවන් පසුබිමක පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් 06 දෙනෙකු මෙරටට පැමිණි බවට ලැබුණු තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපොළේ අද විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

 

එලෙස පරික්ෂා කර ඇත්තේ චෙන්නායි සිට පැමිණි යූ.එල් 122 අංකය දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානය බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කර තිබුණි.

 

ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් එම ගුවන්යානයෙන් පැමිණි බවට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන්ට තොරතුරක් ලැබී ඇත්තේ චෙන්නායි ගුවන් පාලන බලධාරීන්ගෙන් බව වාර්තා වේ.

 

මෙම ගුවන් යානය චෙන්නායි සිට ශ්‍රී ලංකාවට පැමිණ නැවත සිංගප්පූරුව දක්වා යන ගුවන් යානයක් බව මෙරට ගුවන් හමුදා බලධාරීන් පැවසුවේය.

 

අදාල බළධාරීන් පැවසුවේ ලද තොරතුරක් මත ගුවන් හමුදාව සහ බෝම්බ නිශ්ක්‍රිය අංශයේ නිලධාරින් ද පැමිණි යානය සෝදිසි කළ නමුත් යානයේ බෝම්බ හෝ සැකකටයුතු කිසිවක් නොතිබුණ බවය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img