30.6 C
Colombo
Monday, July 7, 2025

ඩෑන් ඝාතනයේ වෙඩික්කරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Published:

ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ වෙඩික්කරු බවට සැකපිට ඊයේ (2) අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (3) පොලීසියට අවසර ලබා දුන්නේය.

බස්නාහිර පළාත් දකුණ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු ආවරණය කර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට පමුණුවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගල ලබා දී ඇත.

පොලීසිය විසින් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මෙන්ම මෙම සැකකරුට අපරාධය සමග තිබෙන සම්බන්ධය දැක්වෙන සවිස්තර වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ අනුව සැකරු පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එහිදී සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් අධිකරණය, විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරියේදී ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img