30.6 C
Colombo
Tuesday, January 13, 2026

කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු මිය යාම ගැන විමර්ෂණ

Published:

කොස්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයෙකු ඇතිවූ හදිසි අසනීපයක් හේතුවෙන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

මෙම තරුණයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිට ඇති අතර ඔහු පෙරේදා (01) පස්වරුවේ මත්ද්‍රව්‍ය සිද්ධියකට අදාළවම අත්අඩංගුවට ගෙන ඇත.

 

කෙසේ වෙතත් පවුලේ ඥාතීන් පවසන්නේ පොලීසිය විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් අදාළ තරුණයා මිය ගිය බවය.

 

කෙසේ වෙතත් පොලීසිය සඳහන් කළේ ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පොලිස් සිර මැදිරිය තුළදී ක්ලාන්ත ගතිය ඇති වීම හේතුවෙන් අදාළ සැකකරු රෝහල් ගත කළ බවය.

 

රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරු මිය ගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය.

 

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,988FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img