27.2 C
Colombo
Monday, July 7, 2025

නවක වධය නිසා සිත්තැවුලට පත් සිසුවෙකු සියදිවි නසා ගනියි

Published:

නවක වධ සිද්ධියක් හේතුවෙන් සිත් තැවුලට පත් විශ්වවිද්‍යාල සිසුවෙකු සිය දිවි හානිකරගෙන තිබේ.

 

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හැදෑරු චරිත් දිල්ශාන් නම් 23 හැවිරිදි සිසුවෙකි.

 

පසුගිය අප්‍රේල් 27 වැනි දින විශ්වවිද්‍යාලයේ පැවැති අවුරුදු උත්සවයකින් පසුව ඊට පසුදින එනම් 28 වැනි දින ඔහු ගම්පොල ඉහළගම පිහිටි සිය නිවස වෙත පැමිණ තිබුණි.

 

එලෙස පැමිණි ඔහු අප්‍රේල් 29 වැනිදා සවස සිය නිවස පසුපස ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන තිබුණි.

 

ඔහුගේ ඥාතීන් සහ මිතුරන් චෝදනා කරනුයේ විශ්ව විද්‍යාලයේ අවුරුදු උත්සවයේදී ඔහුට දරාගත නොහැකි ලෙස නවකවධයට මුහුණ දීමට සිදුවීම මෙම සියදිවි නසා ගැනීමට හේතු වූ බවය.

 

මේ අතර මෙම සිසුවාගේ හදිසි මරණය, නවකවදය හේතුවෙන් සිදුවූ මරණයක් බවට අනාවරණය වුවහොත් ඊට වගකිවයුතු සියලු පාර්ශවයන්ට පවත්නා නීතියට අනුකූලව ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

 

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යාපීඨයේ දෙවන වසර සිසුවෙකුගේ හදිසි මරණය සම්බන්ධයෙන් අද (1) විශේෂ නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ බව පැවසීය.

 

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවන වසර ශිෂ්‍යයෙකුගේ හදිසි මරණයට හේතුවූ කරුණු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පරීක්ෂණ මණ්ඩලයක් මේ වනවිට පත්කර ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

 

ඒ අනුව එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව ලැබුණු වහාම ඒ සම්බන්ධයෙන් ගතයුතු සියලු පියවර විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ගනු ලබනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img