හැත්තෑ පස් වසරක් පුරා පාලක පන්තියේ තාඩනපීඩන මතින් නැගී සිටිමින් දූෂිත දේශපාලනය මුලිණුපුටා දමමින් ජනතාවගේ රජයක් යටතේ මෙවර කම්කරු දිනය සැමරීම ඓතිහාසික සංධිස්ථානයක් සනිටුහන් කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
මැයි දිනය වෙනුවෙන් ඇය නිකුත් කළ පණිවිඩයේ දැක්වෙන්නේ කල්ලිවාදය, දේශපාලන හිතවත්කම් සහ ගජමිතුරු සැලකීම් හමුවේ අසාධාරණයට පත්ව සිටි වැඩ කරන ජනතාව 2024 වර්ෂයේ අභියෝගාත්මක තීරණයක් ගනිමින් සමස්ථ දේශපාලන සංස්කෘතිය උඩුයටිකුරු කිරීම අගාධයට ඇද දැමූ රට ගොඩ ගැනීමට ගත් අභීත ව්‍යායාමයක් බවයි.
ජනතාවාදී රජයක් ලෙස ජනතා අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් විකෘති මාවතක ගමන් ගත් ආර්ථික, දේශපාලන, සාමාජීය, සංස්කෘතික මෙන්ම නෛතික රාමුවද යළි ප්‍රකෘති මාවතකට ගැනීමට මහත් වෙහෙසක් දරමින් සිටින බව ද අගමැතිවරිය පෙන්වා දෙයි.
වසර ගණනාවක් පුරා මෙරට වෙලාගත් දූෂණය හා අසාධාරණය එක රැයකින් වෙනස් කිරීම කළ නොහැකි වුවද රජය ක්‍රමාණුකූලව සියල්ල ක්‍රමවත් කරමින් ජනතා අවශ්‍යතා වෙනුවෙන් ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කරමින් ඇතැයි, අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි.
දිනූ අයිතීන් සුරකිමින් රට ගොඩනගන්නට එකාවන්ව එක්ව අධිෂ්ඨානයෙන් කටයුතු කරමු යන්න අග්‍රාමාත්‍යවරිය මැයි දින පණිවුඩයෙන් ඉල්ලා සිටී.