28.4 C
Colombo
Sunday, July 6, 2025

නිමේෂ්ගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි 16 වනදා

Published:

වැලිකඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පහරදීමට ලක්ව මියගිය බව කියන නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි මස 16 වනදා ආරම්භ කිරීමට කෙළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කළේය.

 

ඒ අනුව අදාළ පරීක්ෂණයේදී සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් පස්දෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නියෝගයකට අනුව මියගිය තරුණයාගේ දේහය යළි ගොඩගත් බව සඳහන් කළේය.

 

ඒ අනුව ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයක් විසින් එම දේහය යළි පශ්චාත් මරණ පරීක්ෂණයකට භාජනය කළ බවත් එහි මූලික වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

 

මෙම පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණකරුගේ දේහයෙන් ලබාගන්නා ඇතැම් කොටස් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට යොමු කර තිබෙන බවත් පොලීසිය පැවසුවේය.

 

ඒ අනුව මෙම මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂිකරුවන් විසි දෙදෙනකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඉන් සාක්ෂිකරුවන් පස්දෙනෙකුට මීළඟ දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 

එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම සාක්ෂිකරුවන්ට ලබන 16 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියම කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img