27.2 C
Colombo
Monday, July 7, 2025

පානදුර වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

Published:

පානදුර, හිරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

 

බටහිර මාලමුල්ල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (29) අලුයම මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව‍යි පොලීසිය සඳහන් කළේ.

 

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් එක් අයෙකු මියගොස් තිබේ.

 

මියගොස් ඇත්තේ 35 හැවිරිදි බටහිර මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

 

වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img