24.5 C
Colombo
Wednesday, November 26, 2025

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකා A කණ්ඩායමට

Published:

‘A’ කණ්ඩායම් සහභාගිත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

අවසන් මහා තරගය ඊයේ (25) අබුඩාබි හිදී පැවති අතර, එහිදී අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය පන්දුවාර 47 යි පන්දු 3 කදී සියලු දෙනා දැවී ලකුණු 200 ක් රැස් කළේය.

Morgan Topping ලකුණු 73 යි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී තරිඳු රත්නායක ලකුණු 33 ට කඩුලු 4 ක් හා මිලාන් රත්නායක ලකුණු 24 ට කඩුලු 3 ක් හා දුෂාන් හේමන්ත ලකුණු 51 ට කඩුලු 2 ක් බිද දැමූහ.

ලකුණු 201ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී සිටියදී තරගයේ ජය වාර්තා කළේය.

පවන් රත්නායක හා මිලාන් රත්නායක ලකුණු 77 බැගින් රැස්කළහ.

ඔවුන් දෙදෙනා ලකුණු 43 ක් තුළ කඩුලු 5 ක් බිඳවැටී පරාජය දෙසට දෝලනය වෙමින් තිබූ ඉනිම ඔසවා තබමින් 6 වන කඩුල්ලට ලකුණු 160 ක වටිනා සබඳතාවක් ගොඩනැගූහ.

අයර්ලන්තය වෙනුවෙන්  Thomas Mayes ලකුණු 38 ට කඩුලු 3 ක් හා Liam McCarthy ලක=ණු 50 ට කඩුලු 2 ක් දවාගත්හ.

තරගයේ වීරයා මිලාන් රත්නායකයි.

මේ අනුව තරගාවලියේ ජය හිමිකරගත් ශ්‍රී ලංකාව අවසන් මහා තරගය ඇතුළුව සියලුම තරග ජයගැනීම විශේෂත්වයක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img