30.6 C
Colombo
Monday, July 7, 2025

ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Published:

ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු ලබන 30 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) අවසර ලබා දුන්නේය.

මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මඟින් මෙම සැකකරු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් මෙම සැකකරු පිළිබඳව විමර්ශන සිදුකරන බවත් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙසත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනයට අදාළව පොලීසිය විසින් අනාවරණය කර ගන්නා තොරතුරු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම බරපතළ ගැටලුකාරී තත්ත්වයක් බව පෙන්වා දුන්නේය.

විමර්ශන තොරතුරු මාධ්‍යවලින් ප්‍රචාරය වීම තුළින් නියම සැකකරුවන් නීතියේ රැහැනින් බේරී යනු ඇතැයි සඳහන් කළ නීතිඥවරයා එවැනි තත්ත්වයක් ඇති වූවොත් මෙම අපරාධයට සම්බන්ධ සැබෑ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වනු ඇති බවත් පැවසුවේය.

මෙම සැකකරු මෙම අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව ප්‍රකාශ කළත් ඔහු මෙම අපරාධයට සම්බන්ධ නොමැති බවත් නීතීඥවරයා සඳහන් කළේය.

ඉන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img