31.7 C
Colombo
Monday, July 7, 2025

නැවත දැනුම්දෙන තුරු මහනුවරට නොයන ලෙස ජනතාවට දැනුම්දීමක්

Published:

නැවත දැනුම්දෙන තුරු මහනුවරට නොයන ලෙස ජනතාවට දැනුම්දීමක්

“සිරි දළදා වන්දනාව” වෙනුවෙන් නැවත දැනුම් දෙන තුරු මහනුවරට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වනවිටත් ලක්ෂ 4කට වඩා වැඩි සැහැදැවතුන් පිරිසක් මහනුවරට එක්රොක් වී සිටින බැවින් එම තීරණය ගත් බවයි
මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සඳහන් කර සිටියේ.

දළදා වන්දනා මෙහෙයුම් කමිටු තීරණ දැනුම්දීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ,

තවදුරටත් සැදැවතුන් මහනුවර නගරයට ඇතුළු වුවහොත් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් මෙම ඉල්ලීම සිදුකරන බව ද ඒ මහතා වද්දී දුරටත් සඳහන් කර සිටියා.

තවද අද සහ හෙට යන දෙදින තුළ වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙස පොලිසියද ජනතාවට දැනුම්දුන්නා.

ඊයේ (23) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් පොලිසිය කියා සිටියේ අද දිනයේ ඉඩ ප්‍රස්ථාවක් තිබුණහොත් මාධ්‍ය හරහා දැනුවත් කර නැවත දළදා වන්දනාවට සැදැහැවතුන් එක්කර ගන්නා බවයි.

මේ අතර සිරි දළදා වන්දනාව වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය අද සිට නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ පොලිසිය සිදු කළ ඉල්ලීමකට අනුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img