31.7 C
Colombo
Monday, July 7, 2025

පාප්වහන්සේගේ දේහය අද සිට මහජන ගෞරවයට

Published:

මහජන ගෞරවය සඳහා අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය අද සාන්ත පීතර බැසිලිකාවේ විවෘත පීඨයක තැන්පත් කෙරුණි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙරට වේලාවෙන් සවස 2.30 සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් සමාන්‍ය ජනතාවට දේහයට ගෞරව දැක්වීම සඳහා අවස්ථාව පවතින බවයි.

පාප්වහන්සේගේ දේහය අප්‍රේල් 26 වැනි සෙනසුරාදා මෙරට වේලාවෙන් පස්වරු 1.30ට මිහිදන් කිරීමට නියමිතයි.

පාප්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්විම සඳහා අමෙරකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලානියා ට්‍රම්ප් වතිකාන නගරයට පැමිණෙන බව නිවේදනය කර තිබේ.

මේ අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ද එහි පැමිණෙන බව තහවුරු කර ඇති අතර යුක්‍රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි ද පැමිණීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img