30.6 C
Colombo
Monday, July 7, 2025

ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්වෙයි

Published:

ඊයේ රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලබා සිටි ඩෑන් ප්‍රියසාද් මියගොස් තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබු අතර මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

ඩෑන් ප්‍රියසාද් මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ රාත්‍රියේ සඳහන් කර සිටියේය.

නමුත් පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා යළිත් සඳහන් කළේ වෙඩි වැදුණු ඩෑන් ප්‍රියසාද්, මියගොස් නොමැති බව සහ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

අනතුරුව අද උදෑසන පොලිස් මාධ්‍ය කොට්ඨාස විසින් තහවුරු කර තිබුණේ වෙඩි වැදී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් මියගොස් ඇති බවය.

වෙඩි ප්‍රහාර දෙකක් ඩෑන් ප්‍රියසාද්ගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img