27 C
Colombo
Sunday, October 12, 2025

මාතර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් – ආරක්ෂාවට STF කැඳවයි

Published:

අද පස්වරුවේ මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩිතබා ඇත.

මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙනයෑමට උත්සාහ කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී වාට්ටුවකින් පිටතට පැමිණ ඇති රැඳවියන් පිරිසක් ඊට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර ඒ අනුව තත්ත්වය පාලනය කිරීමට අහසට වෙඩිතබා ඇති බව සදහන්.

ඒ අනුව හටගත් නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු මේ වනවිට එහි පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා තිබෙන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img