27.8 C
Colombo
Thursday, August 21, 2025

කෙහෙළියගේ නඩුවට නීතිපතිගෙන් ඉල්ලීමක්

Published:

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහාතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවතින නඩුකරය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරිය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

මෙම ඉල්ලීම ඇතුළත් ලිපිය නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරිය වෙත යොමුකර තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ලිපිය තුළින් නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම නඩුකරයට පාදක වන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය තුළින් ශ්‍රී ලංකාවට විශාල ආර්ථික පාඩුවක් සිදුවී ඇති බවය.

මේ තුළින් රාජ්‍යයට සිදුවී ඇති පාඩුව සහ මහජනයාට සිදුවූ හානිය යන කරුණු සැලකිල්ලට ගෙන 2018 අංක 9 දරණ විශේෂ පනත යටතේ මෙම නඩුකරය විශේෂ නඩුකරයක් සේ සලකා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරිය වෙත යොමුකර තිබෙන එම ලිපිය තුළින් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img