27.2 C
Colombo
Monday, July 7, 2025

අප්‍රේල්17 වනදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනපති රනිල්ට දැනුම්දීමක්…

Published:

අප්‍රේල්17 වනදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනපති රනිල්ට දැනුම්දීමක්…

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ මෙම මස 17 වනදා පෙනී සිටින ලෙස එම කොමිසම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද ලිඛිත දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ, ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන අය විසින් 2016 වසරේදී ඌව පළාත් සභාව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු ගිණුම් කල්පිරීමට පෙර ඉවත් කර ගැනීමට කටයුතු කිරීමෙන් දූෂණයක් සිදු කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි.

එකී විමර්ශනයට අදාළව ඊයේ දිනයේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ බවත් එම ප්‍රකාශ නිරීක්‍ෂණයේදී ඉහත සඳහන් විමර්ශනයට අදාළ තොරතුරු රනිල් වික්‍රමසිංහ මහතා දන්නා බව හැඟී යන බවත් අදාළ ලිපියේ දැක්වෙනවා.

එමෙන්ම අදාළ සිද්ධි දාමයට රනිල් වික්‍රමසිංහ මහතා යම් අවස්ථාවක මැදිහත් වී ඇති බවද පෙනී යන බවයි අදාළ ලිපියේ සඳහන් කර ඇත්තේ.

ඒ අනුව අප්‍රේල් මස 17 වන දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙසත් සාධාරණ හේතුවකින් තොරව එම නියමය පැහැරහැරියහොත් 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 126 වගන්තිය ප්‍රකාරව ක්‍රියාකරන බවත් එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.

මේ අතර තමන් අල්ලස් කොමිසම හමුවට කැඳවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය මගින්ද ලිපියක් යොමු කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව අල්ලස් කොමිසම ක්‍රියාකර තිබෙන අතිශය වේගවත් ස්වරූපය පුදුමය දනවනසුළු බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ප්‍රකාශය සිදු කර ඇත්තේ ඊයේ පස්වරු 06ට පමණ බවත් අද දහවල් 12යි 30 පමණ වන විට අල්ලස් කොමිසමට කැඳවීමේ ලිපිය සිය කාර්යාලයට ලැබී ඇති බවත් එහි සඳහන් වනවා.

අල්ලස් කොමිෂන් සභාවේ මෙම ක්‍රියාකාරීත්වය ලෝක වාර්තාවක් තැබීමට සමාන බවද එම ලිපියේ දක්වා තිබෙනවා.

කෙසේවෙතත් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත්තේ සිංහල අලුත් අවුරුදු සමය තුළ බවත් හිටපු ජනාධිපතිවරවයා සහ ඔහුගේ නිතිඥයින් මෙම කාලය තුළ කොළඹ රැඳී නොසිටින බැවින් වෙන් දිනයක් ඉල්ලීමට පියවර ගැනෙණු ඇති බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img