27.2 C
Colombo
Monday, July 7, 2025

ආර්ථික විශේෂඥ කණ්ඩායමක් වහාම වොෂිංටනයට යවන්න – විපක්ෂනායක සජබ සමුළුවේදී කියයි

Published:

අමෙරිකාව ශ‍්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ඉහළ දැමිය හැකි බවට තමන් මාස කිහිපයකට පෙර කළ අනතුරු ඇඟවීම වත්මන් ආණ්ඩුව නොසලකා හැරි බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.

ඒ, ඊයේ පස්වරුවේ කොළඹ හයිඞ් පිටියේ පැවැති සමගි ජන බලවේගයේ පක්ෂ සම්මේලනය අමතමිනි.

ඇමරිකාව විසින් පැනවූ සියයට 44 ක තීරුබදු හමුවේ මෙරට අපනයන ආරක්ෂා කිරීමට විශේෂ වැඩසටහනක් අවශ්‍ය බවත් විශේෂ වෙළෙඳ නියෝජිතවරයෙක් සහ ජාත්‍යන්තර වෙළඳපොළ පිළිබඳව විශේෂඥ කණ්ඩායමක් පත්කර වහාම වොෂින්ටන් නුවරට යවා ඇමෙරිකානු ජනාධිපතිවරයා සමග සාකච්ඡුා කළ යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම තත්ත්වය හමුවේ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට රජය ඉදිරිපත් නොවන්නේ නම් විපක්ෂය ඒ සඳහා ඉදිරිපත් වන බව ද ජනතාව අපේක්ෂා කළ පුනරුදය මෙය නොවන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම සමුඵුවේදී පක්ෂ සම්මේලනයේ වාර්තාව ඉදිරිපත් කිරීම, ජාතික විධායක කමිටුවට අදාළ බලතල කෘත්‍යාධිකාරී මණ්ඩලයට පැවරීම සහ පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ නායකයා පත්කර ගැනීමේ යෝජනා මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව පක්ෂ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා යළිත් පත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img