27.2 C
Colombo
Monday, July 7, 2025

හෝටලයක සිටි 24 දෙනෙක් පණපිටින් පිළිස්සෙයි…

Published:

හෝටලයක සිටි 24 දෙනෙක් පණපිටින් පිළිස්සෙයි…

අරගලකරුවන් විසින් හෝටලයකට ගිනිතැබීම නිසා එහි නවාතැන් ගෙන සිටි පුද්ගලයින් 24 දෙනෙකු මියයාමේ අවාසනාවන්ත පුවතක් බංග්ලාදේශයෙන් වාර්තා වී තිබේ.

රැකියා කෝටා ක්‍රමයට එරෙහිව ආරම්භ වී ආණ්ඩු විරෝධී කැරැල්ලක් බවට පරිවර්ථනය වූ බංග්ලාදේශ විරෝධතා පසුගියදා අවසන් වූයේ අගමැතිනී ෂෙයික් හසීනා ඉල්ලා අස්වීමෙන් අනතුරුවය.

ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ ඉල්ලීමකට අනුව එරට පාර්ලිමේන්තුව ද විසුරුවා හැරුණු අතර, හමුදා පාලනයෙන් තොර අන්තර්වාර රජයක් පත්කිරීමටත් කටයුතු කර තිබුණි.

ඒ අනුව නොබෙල් සාම ත්‍යාගලාභී 84 හැවිරිදි මොහමඩ් යුනුස් එරට අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකවරයා ලෙස පත් කෙරුණු අතර එම තීරණය ගෙන තිබුණේ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන්, හමුදා ප්‍රධානීන් සහ ශිෂ්‍ය නායකයින් අතර ඇතිකරගත් එකඟතාවකට අනුවය.

අගමැතිනිය ඉල්ලා අස්වුවද රටතුළ පවතින නොසන්සුන් තත්ත්වය තවමත් පහව ගොස් නොමැත.

අරගලකරුවන් ෂෙයික් හසීනාගේ අවාමි ලීගයේ නායකයෙකුට අයත් හෝටලකට ගිනි තැබීමෙන් ඒ තුළ සිටි පුද්ගලයින් 24 දෙනෙකු පණ පිටින් පිළිස්සී මියගොස් ඇති අතර ගින්නෙන් මියගිය බහුතරය එම හෝටලයේ ලැගුම්ගෙන සිටි පිරිසක්.

හින්දු වැසියන්ගේ නිවාස සහ දේවස්ථාන ඇතැම් ප්‍රචණ්ඩකාරී පිරිසගේ ප්‍රහාරයට ලක්වන අතර රටතුළ පවතින ගැටුම්කාරී වාතාවරණය මේ වන විට ජාතිවාදී ස්වරූපයක් ගෙන ඇත්තේ එරට වෙසෙන සුළුතර හින්දු ප්‍රජාව ඉලක්ක කරගනිමිනි.

බංග්ලාදේශ සුළුතර හින්දු ප්‍රජාව ඉස්ලාමීයයන්ගේ ඉලක්ක බවට පත්වූ පළමු අවස්ථාව මෙය නොවන අතර  1992 වසරේදී ඉස්ලාමීය දේවස්ථානයක් කඩාදැමීමේ සිද්ධියක් මුල්කරගෙන හින්දූන් රටින් පළවා හැරීමට බංග්ලාදේශ වැසියන් කටයුතු කර තිබුණි.

2013 – 2021 කාලය තුළ හින්දු ප්‍රජාව ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර ගණන 3,679කි.

බංග්ලාදේශයේ දෛනික කටයුතු මේ වනවිට අඩපණව ඇති අතර ශිෂ්‍ය ක්‍රියාකාරීන් මහා මාර්ගවල රථවාහන පාලන කටයුතු සිදුකෙරෙනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img