28.4 C
Colombo
Thursday, August 21, 2025

බ්‍රිතානයේ විරෝධතා දරුණු අතට…

Published:

බ්‍රිතානයේ විරෝධතා දරුණු අතට…

දින කිහිපයකට ඉහතදී 17 හැවිරිදි තරුණයෙකු විසින් පිහියකින් ඇන කුඩා ගැහැණු දරුවන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සමඟ බ්‍රිතානයේ මුස්ලිම් විරෝධයක් හටගෙන තිබෙනවා.

විරෝධතාකරුවන් විසින් සරණාගතයින් පිරිසක් රඳවා සිටින රොතර්හැම්හී හෝටලයකට ද ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එමෙන්ම තවත් ප්‍රදේශ කිහිපයකදීම කෝලාහල හටගෙන තිබෙනවා.

එවන් පසුබිමක් තුළ  එරට පොලිස් නිලධාරින් සමඟ ඇතිකර ගත් ගැටුම්වලදී පුද්ගලයින් 150 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර බ්‍රිතානය පුරා පැතිර යන කෝලාහල සම්බන්ධයෙන් ගත යුතු පියවර සාකච්ඡා කිරීම සඳහා එරට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී විශේෂ හමුවක් කැඳවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img