31.7 C
Colombo
Monday, July 7, 2025

දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයන්ගේ හදිසි ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්…

Published:

දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයන්ගේ හදිසි ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්…

දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයින් හදිසියේ රාජකාරිවලින් ඉවත් වීම හේතුවෙන් දුම්රිය ගමනා ගමන කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ මේ හේතුවෙන් අද උදෑසන ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය කිහිපයක් ප්‍රමාදවී ධාවනය කිරීමට සිදුවන බවයි.

දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව පවසමින් එම ධාවනාගාරයේ සේවකයන් ඊයේ රාත්‍රියේ සිට සේවයෙන් ඉවත්වී තිබෙනවා.

කෙසේවෙතත් දුම්රිය බලධාරින් සමඟ පැවති සාකච්ඡාවකින් පසු එම සේවකයින් අද උදෑසන යලි සේවයට වාර්තා කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ හේතුවෙන් දුම්රිය පවිත්‍ර කිරීම්, ඉන්ධන ලබාදීම වැනි කටයුතු ප්‍රමාදවී තිබෙනවා.

ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය කෙරෙන ‘පොඩි මැණිකේ’, ‘උඩරට මැණිකේ’ සහ ‘බදුල්ල ඔඩිසි’ යන දුම්රියන් ප්‍රමාදවී ධාවන කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img