27.2 C
Colombo
Monday, July 7, 2025

බංග්ලාදේශ අගමැති ඉල්ලා අස්වී රට හැර ගිය බව හමුදා ප්‍රධානියා තහවුරු කරයි…

Published:

බංග්ලාදේශ අගමැති ඉල්ලා අස්වී රට හැර ගිය බව හමුදා ප්‍රධානියා තහවුරු කරයි…

දරුණුතම ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා ඉල්ලා අස්වී රට හැර ගොස් ඇති බව හමුදා ප්‍රධානියා තහවුරු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව බංග්ලාදේශයේ හමුදා ප්‍රධානී ජෙනරාල් Waker-Uz-Zaman නිවේදනය කර ඇත්තේ තමා පාලනය භාර ගන්නා බවත් බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයක් ස්ථාපිත කරන බවයි

බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනාගේ 15 වසරක රාජ්‍ය පාලනය අවසන් කරමින් ධුරයෙන් ඉවත් විය

බංග්ලාදේශයේ ප්‍රමුඛ ජාතික පුවත්පතක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හසීනා සහ ඇගේ සහෝදරිය හමුදා හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පලා ගොස් ඇති බවයි.

බංග්ලාදේශ නිදහස් සටනට එක්වූ යුද විරුවන්ගේ ඥාතීන්ට රජයේ රැකියාවලින් 30%ක් දීමට හසීනා රජය සැරසීමත් සමගම ඊට එරෙහිව ශිෂ්‍යයින් උද්ඝෝෂණ ඇරඹුන අතර එම උද්ඝෝෂණ පාලනයට රජය විසින් ඇඳිරිනීතිය ද අන්තර්ජාල සේවා අඩපන කර තිබුනා

මෙම උද්ඝෝෂණ හේතුවෙන් 300කට අධික පිරිසක් මරණයට පත්විය.

පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් අනුව එරට උද්ඝෝෂණතාවකාලිකව නවතා තිබුනා.

ඒ සිරගතව සිටින නායකයින් නිදහස් කිරීම සහ අන්තර්ජාල සේවා යථා තත්ත්වයට පත් කිරීම ඇතුළුව තම ඉල්ලීම්වලට විසඳුම් සෙවීමට බලධාරීන්ට කාලය ලබා දීම සඳහායි.

මෙම ඉල්ලීම් ඉටු නොවීම හේතුවෙන් ඔවුන් අගමැතිවරිය ඉවත්විය යුතු බව පවසා සිය විරෝධතා නැවත ආරම්භ කළ අතර පසුගිය දින දෙකේදී 100කට අධික පිරිසක් මියගොස් තිබුණි.

මේ හේතුවෙන් බංග්ලාදේශය පුරා නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය පැනවා තිබුනා

විරෝධතා හේතුවෙන් 200,000 කට වැඩි පිරිසකට එරෙහිව පොලිසිය නඩු පවරා ඇති අතර . පසුගිය දින 11 තුළ අවම වශයෙන් පුද්ගලයන් 11,000ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img