27.2 C
Colombo
Monday, July 7, 2025

මොරොක්කෝවේ භූකම්පනයෙන් මිය ගිය ගණන 820ක් දක්වා ඉහළට…

Published:

මොරොක්කෝවේ භූකම්පනයෙන් මිය ගිය ගණන 820ක් දක්වා ඉහළට…

මොරොක්කෝවට ඊයේ රාත්‍රියේ බලපෑ භූ කම්පනයෙන් මියගිය පිරිස මේවනවිට 820 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබූ පිරිස ද 672 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූ කම්පනයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මොරොක්කෝවේ මරාකේෂ් ප්‍රදේශයටයි. එහි පුද්ගලයින් අට ලක්ෂ 40,000 ක් පමණ වෙසෙන බව පැවසෙනවා. භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ මරාකේෂ් නගරයට නිරිත දෙසින් කිලෝමීටර් 72ක් පමණ දුරින් පිහිටි ඇට්ලස් කඳුකරයේයි.

ඊට ආසන්න කඳුකර ප්‍රදේශවල පිහිටි නිවාස රැසක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි පැවසෙන්නේ. එලෙස විනාශ වී ගිය නිවාස සහ ගොඩනැගිලිවල සුන්බුන් අතර බොහෝ පිරිසක් සිරවී ඇතැයි ද විශ්වාස කෙරෙනවා. ඔවුන් මුදා ගැනීමේ කටයුතු ආරම්භ වී තිබුණ ද මාර්ග විනාශ වී සන්නිවේදන පහසුකම් ද බිඳ වැටී ඇති බැවින් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා බාධා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම භූ කම්පනයේ බලපෑම් එල්ල වූ ප්‍රදේශවල වැසියන් ඊයේ රාත්‍රියේ සිට මාර්ගවල රැඳී සිටින බවයි වාර්තා වන්නේ. පසු කම්පන ඇති වීමේ අවදානමක් පවතින බැවින් ඔවුන් යළි වාසස්ථාන වෙත යාමට බියෙන් පසුවන බව සඳහන්.

අසල්වැසි ඇල්ජීරියාවට ද භූ කම්පනයේ බලපෑම් එල්ල වී ඇති නමුත් සිදුවී ඇති ජීවිත හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.

මේ අතර මොරොක්කෝවට සහය පළ කිරීම සඳහා ලොව රටවල් රැසක් ඉදිරිපත්ව සිටිනවා. අමෙරිකාව, ප්‍රංශය, ඉන්දියාව, චීනය, ඊශ්‍රායලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඒ අතරට අයත්. එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මොරොක්කෝවට සහය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව උතුරු අප්‍රිකානු කලාපීය රටකට වසර 120 කට පසුව බලපෑ දරුණුතම භූ කම්පනය මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img