30.6 C
Colombo
Monday, July 7, 2025

ලබන සතියේ මෙරටට එන දියර බිත්තර…

Published:

උත්සව සමයට පෙර ආනයනය කිරීමට සැළසුම් කර තිබූ දියර බිත්තර ඉදිරි සතිය තුළ ආනයනය කිරීමේ සූදානමක් පවතිනබව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මෙම කටයුතු සිදුවන්නේ බේකරි හිමියන්ගේ සංගමය හරහා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

බිත්තර මිල පාලනය කිරීමේ අරමුණින් මේ වන විට මෙරටට බිත්තර මිලියන හයක පමණ ප්‍රමාණයක් ආනයනය කර තිබෙනවා.

පළමු අදියරයේදී දියර බිත්තර කිලෝ 15,000ක් මෙරටට ආනයනය කිරීමට සුදානම් බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

මේ අතර සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙන්නේ එලෙස ආනයනය කරන බිත්තර ගුණාත්මක බවින් යුක්ත වන්නේ නම් අඛණ්ඩව ආනයනය කිරීමට කටයුතු සිදුකරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img