30.6 C
Colombo
Monday, July 7, 2025

ඩයනා ට එරෙහි පෙත්සම කල්යයි…

Published:

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම අප්‍රේල් මස 03 සහ 04 යන දිනවල විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (09) දින නියම කළේය.

එම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබීය.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ගොනු කර තිබෙන මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බැවින් එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉකුත් නඩු දිනයේදී අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබුණි.

එම මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන මාර්තු මස 27 වනදාට පෙර ගොනුකරන ලෙස අභියාචනාධිකරණය පාර්ශ්වකරුවන්ට නියම කළේය.

ඉන් අනතුරුව පෙත්සම අප්‍රේල් මස 03 සහ 04 යන දිනවල විභාගයට ගන්නා බව අධිකරණය නියෝග කළේය.

පෙත්සම්කාර ඔෂල හේරත් මහතා කියා සිටින්නේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවය.

එබැවින් නීතියට පටහැනි ආකාරයෙන් ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම නීතිවිරෝධී යැයි තීන්දු කොට එම තනතුරෙන් බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img