31.7 C
Colombo
Monday, July 7, 2025

තුර්කි භූ කම්පනයෙන් මියගිය පිරිස 7,700 ඉක්මවයි…

Published:

තුර්කියේ ගිනිකොනදිග ප්‍රදේශයට බලපෑ ප්‍රභල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 7,700 ඉක්මවා තිබෙනවා. ඉන් විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මැග්නටියුට් ඒකක 7 යි 8 ක ප්‍රභලත්වයෙන් සිදුවූ පළමු භූ කම්පනයෙන් පසු සියයකට අධික පසු කම්පන ප්‍රමාණයක් එම කලාපය තුළ සිදුව ඇති අතර ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා බාධා එල්ලවී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

තුර්කියේ ක්‍රියාත්මක ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා 12,000 කට අධික පිරිසක් එක්ව සිටින අතර 9,000 ක පමණ හමුදා භට පිරිසක්ද එම මෙහෙයුම් සඳහා යොදවා තිබෙනවා.

සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් කිහිපදෙනෙකු තමන් ගලවා ගන්නා ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩ යොමුකර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එලෙස සුන්බුන් අතර සිරවී සිටින එක් පුද්ගලයෙකු ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ පළ කර ඇති වීඩියෝවක්ද මේ වන විට අන්තර්ජාලයේ දැක්වෙනවා. තමන් රැදී සිටින ස්ථානයේ ලිපිනය ඇතුලු තොරතුරු දන්වමින් ඔහු ඉල්ලා ඇත්තේ සිය ජීවිතය බේරාගන්නා ලෙසයි.

මේ අතර රටවල් 70 කින් පමණ ගලවා ගැනීමේ කණ්ඩායම්, උපකරණ සහ ආධාර විපතට පත් ප්‍රදේශවල ජනතාව වෙත දැනටමත් ලබාදී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img