30 C
Colombo
Tuesday, January 13, 2026

ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කිරීමට නීතිපති උපදෙස්…

Published:

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටිය දී කාන්තාවකට අතවර කළේ යැයි චෝදනාවට අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇප මත මුදාහැර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම දේවල්වලට සම්බන්ධ වීම තහනම් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බව වාර්තා වනවා.

එම උපදෙසත් අනුව ධනුෂ්කට ක්‍රීඩාවට සම්බන්ධ කිසිඳු කටයුත්තකට සම්බන්ධ විය නොහැකි ලෙස ක්‍රීඩා අමාත්‍යංශය තහනමක් පනවන බවත් ඔහු සම්බන්ධ නඩු කටයුත්ත අවසන් වන තෙක් එම තහනම ක්‍රියාත්මක වන බවත් ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කරනවා.

මේ අතර ධනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද තාවකාලික තහනමක් පනවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,990FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img