27.2 C
Colombo
Friday, August 22, 2025

PUCSL සභාපති ඉවත් කිරීමට චෝදනා පත්‍රය සකස් කර අවසන්: කංචන..

Published:

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉවත්කිරීමට අදාළ චෝදනා පත්‍රය මේ වනවිට සකස් කර අවසන් බව යි.

ඒ මහතා මේ බව පැවසුවේ අද දින (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ට එරෙහිව අවශ්‍ය නීතිමය කටයුතු හා ඔහුව ඉවත් කිරීම සඳහා වු චෝදනා පත්‍රය මේ වනවිට සකස් කර තියෙනවා. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුදෙනා මේ සඳහා එකඟත්වය පළ කර තියෙනවා. මොකද තමන්ගේ තනි මතය, මම මින් ඉදිරියට කියන්නේ මහජන උපයෝගීතා කොමිසම නෙමෙයි ජනක රත්නායකගේ තනිමතයට තමා පහුගිය කාලය පුරා මේ කටයුතු කරලා තියෙන්නේ. ජනක රත්නායක කියන පුද්ගලයා මුළු රටක් බිත්තියට හේත්තු කරමින් මේ විදුලි කප්පාදුවටත් වගකිව යුත්තේ වෙන කවුරුත් නෙමෙයි මහජන උපයෝගීතා කොමිසමේ ඉන්න අනෙකුත් නිලධාරීනුත් නොමඟ යවමින් ඔවුන්ගේ අනුමැතියෙන් තොරව වැඩකටයුතු කරමින් මේ රටේ සමස්ත ජනතාව අසීරුතාවයට පත්කරලා තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ අවශ්‍ය ප්‍රතිපාදන තියෙනවා මේ වෙනුවෙන් කටයුතු ආකාරය පිළිබඳ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,369FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img