31.7 C
Colombo
Monday, July 7, 2025

ජීවිත බිලිගත් මාරක අනතුරු….

Published:

ඊයේ (25) දිනය තුළ සිදුවු රිය අනතුරු තුනකින් පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ, එක් අනතුරක් ඊයේ දහවල් සෙට්ටිකුලම පොලිස් වසමේ පුවරසන්කුලම් මාර්ගයේ දී සිදුව ඇති බවය.

පුවරසන්කුලම් මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර එහිදී 41 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

මේ අතර පිළියන්දල පොලිස් වසමේ, හොරණ – කොළඹ මාර්ගයේ ජාලියගොඩ ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් තරුණයෙක් මියගොස් තිබේ.

බස් රථයකට දකුණු දිසාවෙන් ගමන් කළ යතුරුපැදියක් මාර්ගයේ පෙරළී ගොස් බස් රථයේ රෝදයකට යතුරුපැදිකරු යට වී එම අනතුර සිදුව ඇත.

අනතුරින් 33 හැවිරිදි යක්කමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්වුණි.

මේ අතර මරදන්කඩවල – වාලච්චේන මාර්ගයේ දී හබරණ දෙන සිට මරදන්කඩවල දෙසට ධාවනය වූ ලොරියක් මාර්ගයේ නවතා තිබූ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබුණි.

අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු තුවාල රෝහල් ගත කර ඇති අතර පසුව ඔවුන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්වුණි.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 65ක් හා 46 ක්වූ ගනේවල්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

මියගිය අය අතර මොරගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් සිටින බව පොලීසිය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img