26 C
Colombo
Monday, October 13, 2025

රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගයක…

Published:

හෙට (23) දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට නියමිතව තිබේ.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක මණ්ඩලයේ, ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ,

“හෙට දවසේ අපි රෝහල් කණිෂ්ට කාර්ය මණ්ඩලය විදියට අපි උදෑසන 8 සිට දහවල් 12 දක්වා සේවයෙන් බැහැරවෙනවා. සේවයෙන් බැහැරවෙලා විරෝධතා, උද්ඝෝෂණ, පාගමන් රට පුරා පවත්වන්න අපි තීරණය කළා. සේවයෙන් බැහැර වුණත් අත්‍යවශ්‍ය රෝහල්වල සේවයෙන් බැහැරවෙන්නේ නෑ. අපි ඒ සඳහා උපරිම මැදිහත්වීම සිදුකරනවා. හෙට දවසේ රෝහල්වලට පැමිණීමට නියමිත රෝගීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා අත්‍යවශ්‍ය කරුණක් නම් උදේ පැමිණෙන්න. නැත්නම් 12න් පස්සේ පැමිණෙන්න අපි ඔබගේ රෝගී සත්කාරක සේවාවන්ට මැදිහත්වීම කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img