27.2 C
Colombo
Friday, August 22, 2025

FIFA ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි…

Published:

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය තාවකාලිකව අහෝසි කර තිබේ.

එම තහනම ජනවාරි මස 21 වෙනිදා සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකය.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මෙම තහනම පිළිබඳ ලිපියක් මගින් දන්වා ඇත්තේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහ ලේකම් උපාලි හේවගේ මහතා වෙතය.

පසුගිය ජනවාරි මස 14 වැනිදා පැවැත්වූ නිලවරණයකින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට නව නිලධාරි මණ්ඩලයක් පත්කෙරුණ ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය එම නව නිලධාරි මණ්ඩලය පිළිනොගන්නා බැවින් හිටපු මහ ලේකම්වරයාගේ නමට තහනම් කිරීමේ ලිපිය යොමුකර තිබේ.

පසුගියදා පැවැත්වූ නිලවරණයේදී තුන්වන පාර්ශවයක් ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම, ක්‍රීඩා අමාත්‍යංශය විසින් පොරොන්දු වූ පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමග මීට පෙර එකඟ වූ මාර්ග සිතියමට අනුව ක්‍රියා නොකිරීම යන කරුණු මත මෙම තහනම පනවා ඇති බව වාර්තා වේ.

එම තහනමට අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරන කිසිදු ක්‍රීඩකයෙක්ට, පුහුණුකරුවෙක්ට හෝ නිලධාරියෙක්ට මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ජාත්‍යන්තර තරග හෝ වෙනත් කිසිදු තරගාවලියකට සහභාගී වීමට නොහැකිවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,369FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img