26 C
Colombo
Monday, October 13, 2025

සාකච්ඡාවක් සඳහා විදේශ ඇමති සෞදි යෑමට සැරසෙයි….

Published:

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා එළඹෙන 23 වනදා සිට 27 වනදා තෙක් සෞදි අරාබියේ නිල සංචාරයක නිරතවීමට නියමිත ය.

මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ඇරයුමකට එම සංචාරය සිදුකෙරෙන බවය.

එම සංචාරයේදී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇති.

අමාත්‍ය අලි සබ්රි මහතා ඉස්ලාමීය සංවර්ධන බැංකුව, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය යන සංවිධානවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම මක්කම සහ මදීනාව යන නගරවල ආණ්ඩුකාරවරු ද හමුවීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img