29.5 C
Colombo
Sunday, July 6, 2025

පුනරුත්ථාපන පනත ලබන 19 වනදා මැතිසබයට…

Published:

විවිධ අපරාධ සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වන පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සඳහා නව පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව අධිකරණ සහ බන්ධනාගාර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ලබන 19 වනදා එම පනත පාර්ලිමේන්තුවට ගෙන එන බවයි.

නාවලපිටිය ජෙතවනාරාම විහාරස්ථානයේ ඔයේ (13) පැවති උත්සවයකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පුනරුත්ථාපන පනත පාර්ලිමේන්තුවට ගෙන ඒම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව විවිධ මත පළ කරන බවයි.

සමාජයේ විවිධ මත දරණ පුද්ගලයන් බන්ධනාගාර ගත කර පුනරුත්ථාපනය කිරීම සඳහා පුනරුත්ථාපන පනත ගෙන ඒමට කටයුතු කරන බවට නඟන චෝදනා පදනම් විරහිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

එමෙන්ම වැරදිකරුවන් වී බන්ධනාගාර ගත වන පුද්ගලයන් සම්බන්ධයෙන් දත්ත පද්ධතියකට ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බවත්, බන්ධනාගාර තුළ වැරදිකරුවන් පුනරුත්ථාපනය කර යළිත් සමාජගත කළ ද එම පුනරුත්ථාපනය වූ පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් යළිත් එම වැරැද්දම සිදුකරන ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img