23.9 C
Colombo
Tuesday, January 20, 2026

ඉන්දියාවෙන් බිත්තර ආනයනය මඟ නතරවෙන හැඩක්…

Published:

බිත්තර ආනයනය කිරීමේ ටෙන්ඩරය ඉන්දියාවට ලබාදීම නොහැකි වන තත්ත්වයක් උදාවී ඇති බව වෙළඳ අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඉන්දියාවේ කුරුළු උණ පැතිර පවතින බැවින් එරටින් බිත්තර ආනයනය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදී නොමැති බවයි වාර්තා වන්නේ.

බිත්තර ආනයනය කිරීම සඳහා රජය විසින් තීරණය කිරීමත් සමඟ සිදුකළ ටෙන්ඩර් කැඳවීමේ දී ඒ සඳහා ඉදිරිපත් වූ සැපයුම්කරුවන්ගෙන් 90% ක්ම ඉන්දීය සැපයුම්කරුවන් බව සඳහන්.

බිත්තර ආනයනය කිරීමට කිසිඳු ගැටලුවක් නොමැති වුව ද කුරුළු උණ වසංගතය හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනයට අවසර ලබාදිය නොහැකි බවයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,009FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img