29.5 C
Colombo
Sunday, July 6, 2025

ගෑස්…ඉන්ධන හිඟයකට ලෑස්ති වන්න – මරික්කාර්ගෙන් ඉඟියක්…

Published:

ඉන්ධන නැව්, ගෑස් නැව් ප්‍රමාද කර නැවතත් පෝලිම් ඇතිකර මැතිවරණය කල් දැමිමේ සූදානමකට ආණ්ඩුව සැලසුම් සකස් කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරනවා.

ඔහු මේ බව කියා සිටියේ, කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

” රටට ජාතියට ආගමට ආදරයක් නැති මිනිහෙක් රටක නායකයෙක් වෙලා ඉන්න වෙලාවක, හොරු ආරක්ෂා කරන ජනාධිපතිවරයෙක් ඇවිල්ල ඉන්න රටක, හොරු රැලක් එක්ක එකට එකතු වෙලා ඉන්න රටක ඒ ජනතාවගේ අනාගතය, ඒ අයගේ දරුවන්ගේ අනාගතය සාර්ථක වෙන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ.

එක්සත් ජාතික පක්ෂයයි පොහොට්ටුව යි එකට එකතු වෙනවා කියලා නිවේදනය කළා.

ඇත්ත වශයෙන්ම පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන හෙක්ටර් අප්පුහාමි මැතිතුමාගෙන් මං ඉල්ලීමක් කරනවා , තරහ වෙන්න එපා, පුත්තලම් බූරුවෙක් තමයි මේක කිව්වේ.

මහාමාන්‍ය ඩී එස් සේනානායක මැතිතුමා හදපු, අපේ ජීවිතය බඳු ආදරය කරපු එක්සත් ජාතික පක්ෂය , හොරුන්ගේ දූෂිතයන්ගෙන් ත්‍රාඩ යන්ගෙ,මංකොල්ලකාරයන් ගේ මිනීමරුවන්ගේ රැකවලා බවට මත්වෙලා නිල වශයෙන් ඒක ප්‍රකාශයට පත් කිරීම අපි සමගි ජන බලවේගයේ හිටියත් අපිට දුකක් අපිට කණගාටුවක්.

සිරිකොත මහගෙදර හොරුන්ට මිනීමරුවන්ට තැනක් තිබුනේ නැහැ.මේ රටේ මහජනතාවගේ දේපළ මංකොල්ල කාපු අයට තැනක් තිබුනේ නැහැ.

අද අපට පේනවා සිරිකොත මහගෙදර මේ රටේ මිනිසුන්ගේ දේපොළ මංකොල්ල කාපු හොරුත් එක්ක එකට දීග කන තැනක් බවට පත්වෙලා තියෙනවා.

අපිට අවංකවම කණගාටුයි ඒක ගැන. ඡන්ද ගැන නෙමේ කනගාටුව තියෙන්නේ ඒක ගැන.

අපි ඒ නිසා ඔය පුත්තලමේ බූරුවට කියන්න කැමතියි මිනිහට බස් ඩ්‍රයිවර්ලා එක්ක තරඟයක් නැහැල්ලු. එයාට බස් ඩ්‍රයිවර්ලා එක්ක තරගත් නැහැ, හොර ඔප්පු ලියන තැන්වල තරඟ නැහැ.එයාට වෙන වෙන දේවල් මං ඒව කියන්න කැමති නෑ.ඡන්දෙට ඇවිල්ලා පෙන්නන්න.

අලියයි පොහොට්ටුවයි එකට නමලා තමයි අරින්නේ අපි. අපි ඉතා පැහැදිලිව කියන්න ඕනේ දැන් මේ දීගය අපි දකින්නේ, බටහිර රටවල තියෙනවා living together කියන සංකල්පයක්, විවාහ නොවී පිරිමියයි කාන්තාවයි එකට ජීවත් වනවා, දැන් මේ උනේ living together හිටපු කට්ටිය කසාද බැන්දා වගෙ වැඩක් “

ලෙස මරික්කාර් මහතා මාධ්‍යට කියා සිටියේය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img