29.5 C
Colombo
Sunday, July 6, 2025

සියලු දෙමළ දේශපාලන පක්ෂ එකට එකතුවන බවට හිටපු කොටි සාමාජිකයාට පොරොන්දු වෙයි…

Published:

දෙමළ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් විසඳුමක් ලබාදීමටනම් දැනට ක්‍රියාත්මක සියලු දෙමළ දේශපාලන පක්ෂ හා සංවිධාන එකට එකතුවන ලෙස ඉල්ලා මුලතිව්හි හිටපු කොටි සාමාජිකයෙකු විසින් දින 4ක් සිදුකරනු ලැබූ මාරාන්තික උපවාසිය (12) අතහැර දැමීමට තීරණය කරන ලදි.
උතුරු පලාතේ ක්‍රියාත්මක ප්‍රභල දේශපාලන පක්ෂ කිහිපයක නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු හිටපු පලාත් සභා නියෝජිතයින් රැසක් විසින් එකඟතා පොරොන්දුපත්‍රයකට අත්සන් කිරීමෙන් අනතුරුව හිටපු කොටි සාමාජිකයා විසින් වතුර වීදුරුවක් පානය කරමින් උපවාසය අතහැර දමනු ලැබීය.
මෙම අවස්ථාවට දෙමළ ජනතා ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන්, දෙමළ ජාතික සම්මේලනයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්, ටෙලෝ පක්ෂයේ නායක සෙල්වම් අධිකලනාදන්, ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂ නායක සුරෙස් ප්‍රේමචන්ද්‍රන්, ඉලංගෙයි තමිල් අරුසක කච්චි පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්, ප්ලොට් සංවිධානයේ නියෝජිතයින් කිහිපදෙනකුද උපවාසය පැවැත්වෙන ස්ථානයට අද දින පැමිණ සිටියහ.

හිටපු කොටි සාමාජිකයෙකු වන වේලුපිල්ලෙයි මාධවමේජර් නැමත්තා පසුගිය 09 වනදා පුදුකුඩිඉරිප්පු බැංකු මංසන්ධිය අසලදී තාවකාලික අට්ටාලයක් ඉදිකොට මාරාන්තික උපවාසයක් ආරම්භ කරනු ලැබුවේ දෙමළ ජාතිකාභිනාය වෙනුවෙන් සියලු දෙමළ දේශපාලන පක්ෂ එකට එක්වන තුරු උපවාසය අත්නොහරින බවට පවසමිනි.

මේ අතර මාරාන්තික උපවාසයට සහය දක්වමින් ඊයේ දින පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි සියලුම වෙළදසැල් වසදැමීමටද වෙළද සංගමය විසින් පියවර ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img