31.7 C
Colombo
Sunday, July 6, 2025

වසර 11ක ඉන්දීය පිළේ අපරාජිත ගමනට තිත තබන්න දසුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිළට අද අවස්ථාව…

Published:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (07) රාත්‍රියේ පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙකම මේ වනවිට එක් තරගය බැඟින් ජයගෙන සිටීම හේතුවෙන් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට නම් අද තරගය ජයගැනීම දෙපිළටම අනිවාර්ය වනවා.

අද (07) රාත්‍රී 7.00ට රාජ්කොට්හිදී මෙම තරගය පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් විස්සයි විස්ස තරගාවලියක් ඉන්දියාව සිය මව්බිමේ දී පරාජය කළ පළමු අවස්ථාව බවට ඉතිහාස ගතවනවා.

අවසන් වරට ඉන්දියාව තම මව්බිමේ දී විස්සයි විස්ස තරගාවලියක් පරාජයට පත් වූයේ 2019 දීයි.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති එම තරගාවලියෙන් ඉන්දියාව තරග දෙකට බින්දුවක පරාජයක් උරුමකර ගත්තා.

එතැන් සිට ඉන්දියාව සිය මව්බිමේ දී ක්‍රීඩා කළ තරගාවලි 11ක් තුළ අපරාජිතව සිටින අතර, අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගතහොත් එම වාර්තාව බිඳ වැටෙනවා.

මේ අතර අද තරගයේ දී ඉන්දීය කණ්ඩායමේ එක් වෙනස්කමක් හෝ සිදුවනු ඇති බවට බොහෝ දෙනෙකු මත පළකර සිටියා.

කෙසේ වෙතත් දෙවැනි විස්සයි විස්ස තරගයෙන් පසුව ඉන්දීය පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් ප්‍රකාශ කළේ ආබාධයක් ඇතිවුවහොත් මිස කණ්ඩායමේ වැඩි වෙනසක් කිරීමට බලාපොරොත්තු නොවන බවයි.

මේ අතර අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් සිදුවේවිද නැද්ද යන්න පිළිබඳව බොහෝ දෙනෙක් විමසිල්ලෙන් සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී සංයෝජනය ඉදිරියටත් රඳවා තබා ගන්නවාද නැතිනම් පළමු තරග දෙක තුළ දී සාර්ථකත්වයක් පෙන්නුම් නොකළ භානුක රාජපක්ෂ වෙනුවට සධීර සමරවික්‍රම සමඟින් අද තරගයට ක්‍රීඩා කරනවා ද යන්නයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වාර්තා වී නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img