29.5 C
Colombo
Sunday, July 6, 2025

ගුරු පුරප්පාඩු 22000කට අයැදුම්පත් කැඳවීම මේ මස අගදී…

Published:

පාසල්වලට උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා මේ මස අග අයැදුම්පත් කැඳවීමට නියමිතව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පාසල්වලට අනියුක්ත කර ඇති උපාධිධාරීන් ඇතුළු රාජ්‍ය සේවයේ සිටින අවුරුදු 40ට අඩු උපාධිධාරීන් ඒ සඳහා අයැදුම් කිරීමේ අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

ගුරුවරුන් 12000ක් පසුගිය දෙසැම්බර් 31 වනදා විශ්‍රාම ගැනීමත් සමඟ පාසල්වල මේ වන විට ගුරු පුරප්පාඩු 22000කට අධික සංඛ්‍යාවක් පවතිනවා.

විද්‍යා, ගණිත, තාක්ෂණ සහ සෞන්දර්ය විෂණයන්වල අදාළ ගුරු පුරප්පාඩු රැසක් පවතින බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

තරඟ විභාග කඩිනමින් පවත්වා අප්‍රේල් මාසයට පෙර නව ගුරුවරුන් බඳවා ගැනීමට සැලසුම් කිරීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img