29.5 C
Colombo
Sunday, July 6, 2025

රුසියානු ජනාධිපතිගෙන් දින දෙකක සටන් විරාමයක්…

Published:

ඕතඩොක්ස්’ නත්තල නිමිත්තෙන් දින දෙකක සම්පූර්ණ සටන් විරාමයකට යෑමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර තිබෙනවා.

යුක්‍රේන – රුසියා යුද ගැටුම් ඇරඹුණු පසු රුසියාව පූර්ණ සටන් විරාමයක් ප්‍රකාශයට පත්කළ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

රුසියාවේ ‘ඕතඩොක්ස්’ ආගමික නායක ප්‍රැටියාෂ් ක්රිල් කළ ඉල්ලීමට ගරු කරමින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් මෙම සටන් විරාමය ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රුසියානු ජනධිපතිවරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සිය සතුට පළකර ඇති අතර, ඔහු රුසියානු ජනාධිපතිට දුරකතනයේ අමතා ප්‍රකාශ කර ඇත්තේ සටන් විරාමය දින දෙකකට පමණක් සීමා නොකරන ලෙසයි.

‘ඕතඩොක්ස්’ නත්තල නිමිත්තෙන් දින දෙකක සම්පූර්ණ සටන් විරාමයකට යෑමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කිරීම බොරු හොඳහිත පෙන්වීමක් බවයි යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී චෝදනා කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img